ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය දීම නතර කරයි

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීමත් සමඟ මෙතෙක් සිදු කළ ණය දීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට ඉන්දියාව තීරණය කොට තිබේ. දරුණුතම ආර්ථික අර්බුදයකට එරෙහිව සටන් කරන ශ්‍රී ලංකාවට මෙම වසරේ වැඩි වශයෙන් ආධාර ලබා දුන් රට ඉන්දියාව පත් ව ඇති අතර අමෙරිකානු ඩොලර් බිලියන 3.8ක් වටිනා ආධාර මේ වන විය ද ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය මැයි සහ ජූලි මාසවල පැවති තත්වයට වඩා යහපත් බව ද ඒ සම්බන්ධ රොයිටර් වාර්තාවේ දැක්වේ.මේ අතර ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව පසුගිය කාලය පුරා සිදු වූ මහා පරිමාන වංචා දූෂණ බව ද මේ වන විට ජාත්‍යන්තරය හමුවේ අනාවරණය වෙමින් තිබේ.

කාලීන පුවත්