ඉන්දීය යූරියා පොහොර හැකි ඉක්මනින් ගොවීන් වෙතට

ඉන්දීය යූරියා පොහොර හැකි ඉක්මනින් ගොවීන් වෙතට ඉන්දීය රජය ණ‍ය ආධාර වශයෙන් ලබා දෙන යුරියා පොහොර මෙටි‍්‍රක් ටොන් 65 දහසක් මෙවර යල කන්නයේ වී වගාවට මෙන්ම බඩ ඉරිඟු සහ තේ වගාවන් සඳහා කඩිනමින් ගොවීන් වෙතට ලබා දීමට රජය සැලසුම් කර තිබේ.කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වගා කිරීමට සැලසුම් කර ඇති සමස්ත කුඹුරු ප‍්‍රමාණය හෙක්ටයාර හය ලක්ෂ එක් දහස් දෙසිය හැට දෙකකට අධිකය.සති දෙකක් තුළ ගොවීන් යළි වී ගොවිතැනට යොමු වුවහොත් ඉදිරි ආහාර අර්බුදය යම් ප‍්‍රමාණයකින් මඟ හැරී යනු ඇති බව පෙන්වා දෙන අමාත්‍යංශය පසුගිය මාස් කන්නයේ රසායනික පොහොර තහනම මුල් කොට රටට බලපෑ විපත්තිකර තත්වය එමඟින් බොහෝ දුරට මඟ හැරී යනු ඇති බව ද පවසයි.

කාලීන පුවත්