ඉන්දීය රජය කොවිඩ් මරණ වලට වන්දි ගෙවයි

කොවිඩ් 19 හේතුවෙන් සිදුවන සෑම මරණයකටම වන්දි වශයෙන් ඉන්දීය රුපියල් 50,000 ක් ගෙවීමට ඉන්දීය රජය ගත් තීරණයට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දීය ආපදා කළමනාකරණ නීතිය යටතේ වන්දි ඉල්ලා නීතිඥයින් ගොනු කළ පෙත්සමකට අදාළව මෙම අනුමැතිය හිමිව ඇති බවයි.
මෙම වන්දි මුදල සඳහා සමීපතම ඥාතීන් අයදුම්පත් යොමු කළ යුතු වන අතර මාසයක කාලයක් ඇතුළත අදාළ වන්දි මුදල හිමි කෙරෙනු ඇති.ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ පහකට ආසන්න ය.මෙම මුදල ශ්‍රී ලංකා රුපියල් එක් ලක්ෂ තිස් හතර දහස් පන්සියයක් වන අතර මෙම වන්දි ප්‍රදානය සංකීර්ණ ක්‍රියාවලියක් වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

කාලීන පුවත්