ඉන්ධන මිලේ වෙනසක්

ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ, LIOC හා සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.ඒ එක සමාන ගණන් වලිනි. ඒ අනුව පෙට්‍රල් 92 රුපියල් 10 කින් , ඔටෝ ඩීසල්රුපියල් 27 කින් , භූමිතෙල් රුපියල් 2 කින් පහළ දමා ඇති අතර පෙට්‍රල් 95 රුපියල් 3 කින් හා සුපිරි ඩීසල් රුපියල් 3 කින් ඉහළ දමා තිබේ.ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 03 බැගින් ඉහළ දමා ඇත.එම මිල ඉහළ දැමීම් අනුව මෙතෙක් රුපියල් 423ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 426ක් දක්වාත් මෙතෙක් රුපියල් 431ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 434ක් දක්වාත් ඉහළ නැංවී ඇත.

කාලීන පුවත්