ඉන්ධන මිල ඉහළ පහළ යයි

ඊයේ(31) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.එම නව මිල ගණන් මෙසේ ය.ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කොට ඇත. ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 318 කි. ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රැපියල් 20 කින් මිල ඉහල ගොස් ඇත. ඒ අනුව ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් නව මිල රුපියල් 385ක් වේ. ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 10කින් මිල ඉහල ගොස් ඇත.එ අනුව ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක නව මිල රැපියල් 340 කි.ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50කින් අඩු කෙරෙනු ඇත. ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245ක් වේ. ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 60කින් අඩු කොට ඇත. ඒ අනුව ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 කි.

කාලීන පුවත්