උත්සව සමයට අවශ්‍ය සහල් ආනයනයට පියවර

එළඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ රටේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වෙළඳපොළට කිරී සම්බා සහල් තොග නිකුත් නොකර තොග සඟවා ගැනීම මගින් කෘතීම ලෙස කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී තිබෙන තත්ත්වය සමනය කිරීමට අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙන බවයි.

ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මුහුණ දෙන ගැටළු කෙරෙහි අවධානය යොමු කර ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමට ක්‍රමවේදයක් සැලසුම් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කාලීන පුවත්