උමා ඔයේ වාසිය ජූලි මාසයේ දී

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කිරීම හේතුවෙන් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබාදීමට හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව එම වාසිය එළඹෙන ජුලි මාසයේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ලබා දීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.

අදාළ ව්‍යාපෘතිය 2017 වසරේ දී ජනතා අයිතියට පත් කිරීමට තිබුණත්, එය සිදු කිරීමට නොහැකි වීමෙන් වාර්ෂිකව රුපියල් කෝටි 900ක පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට සහ රටට සිදු වූ බව කංචන විජේසේකර අමාත්‍යවරයා එහිදී පෙන්වාදෙනලදි.

කෙසේවෙතත් උමාඔය ව්‍යාපෘතිය හරහා ජාතික පද්ධතියට අලුතෙන් එකතු වූ විදුලි ඒකක ප්‍රමාණය නිසා, මින් පෙර ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනය සඳහා වූ වියදම සිදු නොවන බැවින් එහි වාසිය විදුලි පාරිභෝගිකයින්ට ලබා දීමට හැකියාව පවතින බවයි අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කාලීන පුවත්