ප්රදේශ කිහිපයකම වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වනවිට බෝංචි කිලෝ එකක් රුපියල් 500ත් 600ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර කැරට් කිලෝ එකක මිල අද සටහන් වුණේ රුපියල් 360ක් ලෙසයි.
ගෝවා කිලෝ එකක මිල රුපියල් 500ත් 600ත් අතර මිලකින් ද බීට්රූට් කිලෝ එකක මිල රුපියල් 350ක් ලෙස ද ඉහළ ගොස් තිබේ.
වෙළෙඳසැල් හිමියන් පවසන්නේ පවතින අධික වැසි හමුවේ එලවළු වගාවන්ට හානි සිදුවීමෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.