ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගය අද පස්වරු 1.30ට

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද (27) ලාහෝර් හිදී පැවැත්වීමට නියමිතයි.අද (27) තරගය ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

තුන්කොන් තරගාවලියේ අවසන් තරගය සඳහා පාකිස්ථාන කණ්ඩායම මේ වනවිටත් සුදුසකම් ලබා ඇති අතර, ශ්‍රී ලංකාව අද (27) තරගය ජයගත හොත් අවසන් තරගයට පිසීමේ ඉහළ හැකියාව පවතියි.

එංගලන්තය සමග පැවති තරගය ඉතා විශිෂ්ඨ ලෙස ජයගත් ශ්‍රී ලංකාව ජයග්‍රාහි මානසිකත්වයක් යුතුව අද (27) තරගයට පිවිසෙයි.මේ අතර පාකිස්ථාන කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් අද තරගයේ දී සිදු කිරීම නියමිත බව වාර්තා වෙයි.ඒ අනුව සයිම් අයුබ්ගේ ඉවත්ව යාමෙන් පසු ආරම්භක පිතිකරුවෙකු ලෙස සාහිබ්සාදා ෆර්හාන් අද තරගයේ දී පාකිස්ථාන කණ්ඩායමට එක්වීමට නියමිතයි.

මේ අතර එංගලන්තය සමග ක්‍රීඩා කළ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු වෙනස්කමක් නොකර අද තරගය එක්වනු ඇති බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්