ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද

ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යා වර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ.

අද දිනයේ පාද යාත්‍රාව තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට නියමිතයි.

දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම පාගමන පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කෙරුණි

කාලීන පුවත්