ඔක්ටේන් 92 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.ඒ අනුව මේ වන විට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 328 ක් දක්වා ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 346 ක් දක්වා ද, ඉහළ ගියේය. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 9 කින් ද, අඩු කර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365 ද, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 308 ක් ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236 ක් ද, බවට පත් ව තිබේ.

කාලීන පුවත්