කිරළව පාලම වහයි

පුබ්බෝගම කිරළව පාලම ගිලා බැසීමේ අවධානම හේතුවෙන් එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනාගමන කටයුතු අද තාවකාලිකව අත් හිටුවීමට මාර්ග සංවර්ධන අධීකාරිය පියවර ගෙන තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ මරදන්කඩවල විධායක ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් පැමිණ එම පාලමේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසුව එම තීරණය ගෙන තිබේ.

දඹුළු ඔය ජලාශයේ සිට කලාවැව දක්වා ජලය රැගෙන යනු ලබන දඹුළු ඔය හරහා ඉදිකර ඇති මෙම කිරළව පාලම අසළ ඊයේ දිනයේ සිදුව තිබූ බරපතළ ඉවුරු ඛාදනයක් හේතුවෙන් ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබිණ.

මාර්ගය වසා දැමීම හේතුවෙන් මේ වනවිට පුබ්බෝගම සිට මඩාටුගම දක්වා වූ කිලෝමීටර් 04ක පමණ දුරක් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.

මේ වනවිට ආඩියාගල දෙස සිට සිට මඩාටුගම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පුබ්බෝගම දක්වා සීමා කිරීමට ඒ අනුව පොලිස් රථවාහන අංශය පියවර ගෙන තිබේ.

කාලීන පුවත්