ලබන අප්‍රියෙල් තෙක් බිත්තර ආනයනයට අවසර

කුකුළු ගොවිපල හිමියන් හිතාමතා බිත්තර මිල ඉහළ දැමීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.බිත්තර නිෂ්පාදකයින් සහ බේකරි හිමියන් පසුගියදා වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සමග බිත්තර මිල සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කළ අතර එහිදී රුපියල් පනස් පනහකට බිත්තර අලෙවි කිරීමට සිදුවන බව බිත්තර නිෂ්පාදකයින් ප්‍රකාශ කොට තිබේ.කෙසේ වෙතත් උත්සව සමයේ වෙළෙදපොළේ බිත්තර මිල අධික ලෙස ඉහළ යාම නිසා පීඩාවට පත්වන බව පාරිභෝගික ජනතාවට සහනයක් ලෙස අප්‍රේල් දක්වා බිත්තර ආනයනය කරන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු කීය. එමෙන්ම ඉනපසුව ද බිත්තර මිල අඩු කිරීමට නිෂ්පාදකයන් කටයුතු නොකළහොත් බිත්තර ආනයනය කිරීමේ කාලසීමාව තව දුරටත් දීර්ඝ කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ.

කාලීන පුවත්