කොවිඩ් එන්නත නිසා කායික ආබාධ සංකූලතා ඇති වූ බවට තහවුරු වී නැහැ

කොවිඩ් 19 වෙනුවෙන් ලබා දුන් එන්නත් භාවිතයෙන් පසු එම එන්නත මුල් කොට විවිධ කායික ආබාධ සංකූලතා ඇති වූ බවට සමාජය පුරා පැතිර යන මතය පරීක්‍ෂණ මගින් තහවුරු වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කරයි.කොවිඩ් 19 එන්නත් භාවිතයෙන් පසු ඇස් පෙනීමේ දුර්වලතාවන්, හිසේ කැක්කුම, ඇඟපත වේදනාව, නිතර මහන්සිය දැනීම ඇතුළු විවිධ සංකූලතා කොවිඩ් එන්නත් භාවිතයෙන් පසු ඇතිවන බවට සමාජයේ පැතිර යන පුවත් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමක දී වෛද්‍යවරයා මේ බව සඳහන් කොට ඇත.

කාලීන පුවත්