කොවිඩ් ලක්ෂණ සහිත තවත් මාරාන්තික වෛරසයක්

මාරාන්තික ශ්වසන ආසාදන සහිත එච්.එම්.පී.වී (HMPV) වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය මේ වනවිට යොමුව තිබේ.මෙම වෛරසය මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක ඉහළ ව්‍යාප්තියක්‍ පවතින බව අනාවරණය වී ඇත.HMPV වෛරසයේ බලපෑමක් මෙතෙක් ශ්‍රී ලංකාවට නොමැති නමුත් ඒ පිළිබඳව දැඩිව විමසිලිමත් වීම අත්‍යවශ්‍ය වන බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 පිලිබඳ සම්බන්ධීකාරක, වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි. කොවිඩ් සහ උණ රෝගයේ රෝග ලක්ෂණ සහිත මෙම වෛරසය මාරාන්තික ශ්වසන ආසාදන ඇති කරවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කාලීන පුවත්