කොළඹ දී බැරි නම් ගමේ දි අරගල කරන්න

කොළඹ ගෝල්ෆේස් පිටියේදී අරගල කරුවන් මර්දනය කරනවා නම් අරගලය ගම්වලදී කරන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 24) පැවසීය.පොදු ජන අරගල වලට දේශපාලකයන් හොඳටම බියවී සිටින බවත් දැන් මේ රට ගොඩනැඟිය හැක්කේ නිරපාක්ෂික අරගලයකින් පමණක් බවත් ඔහු සඳහන් කළේය.ෆොන්සේකා මහතා මෙසේ පැවසූවේ ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී ය.

කාලීන පුවත්