කෝප් එකේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විගණන නිලධාරීහු දැඩි විරෝධයක් පළ කරති

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්) අභ්‍යන්තර විමර්ශන පවත්වන ආකාරය ඇතුළු එහි ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විගණන අංශ නිලධාරීහු දැඩි ලෙස විරෝධය පළ කරති.

මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමටද එම නිලධාරීහු බලාපොරොත්තුවෙන් සිටිති.

සාමාන්‍යයෙන් කෝප් කමිටුව විමර්ශන පැවැත්විය යුත්තේ විගණකාධිපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙන බවට ස්ථාවර නියෝග වල පැහැදිලිව සඳහන්වී ඇතත් කමිටුව දේශපාලන අරමුණු මුදුන් පමණවා ගැනීම සඳහා වෙනත් වෙනත් කාරණා සම්බන්ධයෙන්ද විමර්ශන කරන බව විගණන දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

කාලීන පුවත්