ජනවාරි 30 සිට රට පුරා ආණ්ඩුවට එරෙහි විරෝධතා පවත්වනවා

වැට් බද්ද සියයට 18 දක්වා වැඩිකිරීමට කටයුතු කරමින් නිරන්තරයෙන් ජනයා පීඩාවට පත්කරන ආණ්ඩුවට එරෙහිව රට පුරා ජනතා විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කරන බවත් එහි පළමුවැන්න ජනවාරි 30 වැනිදා කොළඹ නගරයෙන් අරඹන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.කොළඹ නගරයේදී පවත්වන පළමු විරෝධතාව සඳහා ජනතාවට අමතරව සිවිල් සංවිධාන රැසක් ද පෙළගැසෙන බව හෙතෙම කීය.

කාලීන පුවත්