ජනාධිපති ලේකම් කාර්යාලය අවට පොලීසියෙන් නීති විරෝධී මාර්ග බාධක

අද(24) පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති පා ගමන වැළැක්වීම සඳහා පොලීසිය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ග මුළුමනින් අවහිර වන සේ මාර්ග බාධක යොදා තිබේ.ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක් ඉදිරිපිට උල් කටු සහිත මාර්ග බාධක කිහිපයක් යොදා ඇති අතර එම උල් කටු පිටතට නොපෙන ලෙස ඒවා ඉටි කොළවලින් ආවරණය කර ඇත්තේ ඒවා ස්පර්ශ කළ පුද්ගලයෙකුට තුවාල වන ආකාරයටය. ඒ අතර පොලිසිය ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතියේ හැටියට තම රාජකාරී කිරීමට දිවුරුම් දී සිටියත් කොළඹ නගරයේ මාර්ග වැසීමෙන්/ ප්‍රවේශය සීමා කිරීමෙන් 2008 අංක 40 දරණ ජාතික මංමාවත් පණත බරපතල ලෙස උල්ලංඝණය කරන බවත් මෙයින් මහජනයාට ඇති නිදහසේ ගමන් බිමන් යාමේ මුලික අයිතියද උල්ලංඝණය කොට ඇති බවත් නීති විශාරදයෝ පෙන්වා දෙති.

කාලීන පුවත්