කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ජස්ටින් අක්බාර් මාවත පහළ මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් අද (12) උදෑසන 09.30 සිට හෙට (13) දින සවස 03.00 දක්වා කාලය තුළ දුම්රිය හරස් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබීමට සිදුවන බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය හරස් මාර්ගය වසා තබන ඉහත කාල සීමාව තුල ගුවන් පාලම භාවිතා කරන ලෙසයි පොලිසිය රියැදුරන්ගෙන් හා පදිකයින්ගෙන් ඉල්ලා සිටියි.