තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල විභාග අද සිට

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි පැවැත්වීමට නියමිතව තිබේ.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්ලමේන්තුව සඳහන් කළේ, වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා විභාග කටයුතු පැවැත්වීමට නියමිතව ඇති බවය.

විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉංග්‍රීසි සහ ගණිතය යන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කාලීන පුවත්