දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව එම ජලාශයෙන් දැදුරු ඔයට නිකුත් වන ජල ප්රමාණය තත්පරයට ඝන අඩි 5300ක් වන බව සඳහන්ය.
දැදුරු ඔය ජලාශයේ ධාරා ප්රදේශයට ඊයේ (25) දිනය පුරා වර්ෂාව ලැබුණු බවත් මේ වන විට ජලාශයේ ජල මට්ටම වැඩි වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් දැදුරු ඔය ජලාශයට පහළින් ඒ ආශ්රීතව පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.