ධීවරයින්ට අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි අතර මුහුදු රළ මීටර් 2 යි දශම 5 ත් 3 ත් අතර ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකියි.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ,

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 30 ත් 40 ත් අතර අගයකින් ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

කාලීන පුවත්