ඉන්ධන මිල වැඩි නොකළොත් තෙල් සංස්ථාවත් එක්ක ලංකා බැංකුවයි මහජන බැංකුවයි කඩා වැටේවි

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් නොලැබෙන්නේ නම්,හෝ ඕමානයෙන් ඉල්ලා ඇති ණය මුදල ලබා නො ලැබෙන්නේ නම් සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තවදුරටත් දරා ගත නොහැකි නම් ඉන්ධන මිල ඉහළ දැමීමට අනිවාර්යෙන් සිදුවනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.කෙසේ වෙතත් ක්ෂණික ව එම මිල වැඩි කිරීම සිදු නොකරන බවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය අගනු ඇති බවත් ඔහු පවසයි.
ජනතාවට සහන දීම සේම ඛනිජ තෙල් සංස්ථාව බංකොලොත් නොවී රැක ගැනීමද රජයේ වගකීමක් බව කූ ඇමති වරයා යම් ලෙසකින් සංස්ථාව බංකොලොත් වුවහොත් ලංකා බැංකුව සහ මහජන බැංකුව ද ඒ සමඟම කඩා වැටුණු ඇති බවද කියා සිටියේය. සංස්ථාව විසින් දැනට ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් එම බැංකු දෙකට ගෙවීමට ඇති නිසා එකී අවදානම පැන්න නැගී ඇති බවද ඔහු පැවසීය.කෙසේ වෙතත් ඉදිරි වසර සඳහා ඉන්ධ.න ගැනීමට ඕමාන ආණ්ඩුවෙන් රජය ඩොලර් බිලියන 3.5ක ණය මුදලක් ඉල්ලා ඇති බවත් එය ලැබේවිද නොලැබීම පිළිබඳව තමන් නොදන්නා බවත් ඇමති වරයා තව දුරටත් සඳහන් කළේය

කාලීන පුවත්