පළාත් අතර සංචරණ සීමා 21 තෙක් දීර්ඝ කෙරේ

 දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති දීර්ඝ සති අන්තය හේතුවෙන් සියලුම පළාත් මායිම්වල දී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ වලට නියෝග කල බව ද එම නිවේදනයේ සඳහන්ය.අද (15) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබේ.

කාලීන පුවත්