පැන්ඩෝරා ගැන කට අරින්න රන්ජන් අවසර ඉල්ලයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී දැනට අඟුණකොලපැළැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් ලබන ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශයක් කිරීමට නීතිඥයකු මාර්ගයෙන් ඊයේ(14) අවසර ඉල්ලා ඇත.එහෙත් ඒ සඳහා අවසර ලබා දෙන්නේ ද යන්න පිළිබඳව එම කොමිසම මෙතෙක් ප්‍රකාශයක් කොට නැත.ඒ කෙසේ හෝ පසුගිය කාලයේ ඔහු සතුව තිබී සමාජ ගත නොවූ හඬ පට වල මෙතෙක් සමාජ ගත නොවූ ප්‍රබල දේශපාලනික රහස් ඇතැයි ඔහු වරක් කියා සිටි අතර ඔහුගේ මෙම ප්‍රකාශය ද එවැනි ආන්දෝලනාත්මක එකක් විය හැකි යැයි සමහරෙක් කියති.

කාලීන පුවත්