දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් එළැඹෙන සෙනසුරාදා, එනම් ජූනි 20 වනදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. හැටන් ලංගම ඩිපෝවේ පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (17) දින නුවරඑළියට පැමිණි නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා විසින් මෙම තොරතුරු අනාවරණය කරන ලදී. දැනට උඩරට දුම්රිය ධාවනය බදුල්ල සිට අඹේවෙළ දක්වා පමණක් සීමා වී ඇති අතර, සුළි කුණාටුවෙන් හානි වූ මාර්ගයේ ඉතිරි කොටස් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ඉතා කඩිනමින් සිදු කෙරෙමින් පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඒ අනුව, එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට නාවලපිටියේ සිට බදුල්ල දක්වා වූ සම්පූර්ණ උඩරට දුම්රිය මාර්ගයේම මගී ප්‍රවාහන සේවාවන් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.