පඬු කරඳ පැළ 25 ක් මාර්ග සංවර්ධන අධිකාරියට

කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ පැළ 25 ක් සිටුවීම සඳහා ඊයේ (12 දා) මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදුන් බව ගම්පහ උද්භිද උද්‍යානයේ අධ්‍යක්‍ෂ රුවිනි ගෝමස් මහත්මිය කියා සිත්යි.ගම්පහ උද්භිද උද්‍යාන පැළ තවානේ පමණක් තවත් කෲඩියා සිලනිකා පැළ 20 ක් පමණ පවතින බවත් ගෝමස් මහත්මිය පවසයි. මේ වනවිට උද්‍යානය තුළ එවැනි විශාල ගස් තුනක් ද පවතින නිසා එවායෙහි බීජ වලින් තවත් පැළ ලබා ගැනීමේ හැකියාව පවතින බවද ඇය සඳහන් කරයි.මෙම ශාකය වඳවී යන ශාකයක් ලෙස ලෝක සොබා සංසද( ) රතු දත්ත පොතට ඇතුළත්ව තිබුණත් මෙවැනි ශාක ගම්පහ කොරොස්ස, උඩුගම්පොළ, මගලෙගොඩ, කදිරාන, දාගොන්න යන ප්‍රදේශවලදී තමන් නිරීක්‍ෂණය කළ බවත්, තමාටත් වඩා වැඩි ගස් ප්‍රමාණයක් පෙරාදෙණිය උද්භිද උද්‍යාන අධ්‍යක්‍ෂවරිය නිරීක්‍ෂණය කර ඇති බවත් ඇය වැඩිදුරටත් පවසයි.

කාලීන පුවත්