පසුගිය වසර දෙක හමාර තුළ මිනිස් අලි ගැටුමින් අනුරපුර වන අලි 208 කට දිවි අහිමි වෙයි

පසුගිය වසර දෙක හමාර තුළ මිනිස් අලි ගැටුමින් අනුරපුර වන අලි 208 කට දිවි අහිමි වෙයි මිනිස් වන අලි ගැටුම හේතුවෙන් පසුගිය වසර දෙක හමාරක කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වන අලින් 208ක් හා මිනිසුන් 87ක් මරණයට පත්ව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලින් අනාවරණය වෙයි.පසුගිය 2021 වසරේ දී මිනිස් ජීවිත 32ක්, 2022 දී මිනිස් ජීවිත 37ක් හා 2023 ජුනි 30 දක්වා හය මාසයේ දී මිනිස් ජීවිත 18ක් වන අලින්ගේ පහරදීම්වලින් මියගොස් ඇත. 2021 දී වන අලින් 78ක්, 2022 දී වන අලින් 84 ක් හා 2023 මුල් හය මාසයේ දී වන අලින් 46ක් (වසර දෙකහමාරක කාලයේ දී) ලෙස අනුරාධපුර වනජීවී කලාපයේ දී මරණ සිදු වී ඇති බව ද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති රැස්වීමක දී හෙළි කෙරිණි. මෙම තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි ආරක්ෂක නිලධාරී එම්. රත්නසිරි මහතා විසින් ඉදිරිපත් කෙරිණි.

කාලීන පුවත්