දිවයිනේ පිහිටි ප්රධාන ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්රමාණය 45%කට ආසන්න අගයක් ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එච්.එස්.ඩී. හේරත් සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන ජලාශවල ජල ධාරිතාව මේ වන විට 33%කට ආසන්න අගයක් ගන්නා බවයි.
ඒ අනුව අම්පාර, මඩකලපුව, ත්රිකුණාමලය සහ මන්නාරම් දිස්ත්රික්කවල පවතින ජල ප්රමාණය මේ වන විට 20%කට ආසන්න අගයක පවතින බවද ඔහු සඳහන් කරයි.