පාර්ලිමේන්තුව අද (09) රැස්වීමට නියමිතව තිබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
අද සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේ දී මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත යටතේ වන නියෝග, වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන පනත යටතේ වන නියමයන් අනුමත කර ගැනීමට නියමිතව ඇත.
ඊට අමතරව නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ වන නියමය, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ වූ තීරණයක් ද අද විවාදයට ගැනීමට නියමිත අතර මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට ද නියමිතයි.
හෙට දිනයේ දී විදුලි සංදේශ බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත අතර අනිද්දා දිනයේ දී සමථකරණ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය සහ සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වන නියමයන් විවාදයට ගැනීමට නියමිතව තිබේ.
සිකුරාදා දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට යෝජනා වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.