පාලිත තෙවරපෙරුම ගේ අන්තිම ඉල්ලීම ඉටු නොවේ;අවසන් ගෞරවයට විශාල පිරිසක්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරපෙරුම මහතාගේ දේහය පිළි­බඳ අව­සන් කට­යුතු තමන් විසින් සකස් කරන ලද සොහොනේ අඩුම මිල මීනි පෙට්ටි­යක් භාවිත කර පැය විසි හත­රක් ඇතු­ළත අව­සන් කට­යුතු සිදු කරන ලෙස ඔහු ඥාතීන්ට කළ ඉල්ලීම ඉටු කිරීමට පාලිත තෙවරපෙරුම මහතා දැඩිව ආදරය කළ අති විශාල පිරිසක ගෙන් ඉඩක් නොලැබීම මත එම අවසන් කටයුතු සකස් කරන ලද සොහො­නේදී හෙට (19) සිදු කිරී­මට නිය­මි­ත බව ඔහු ගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.ඊයේ හිටපු ඇමැ­ති­ව­ර­යාගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කරන අව­ස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රන්ගේ බණ්ඩාර ඇතුළු පක්ෂයේ ක්‍රියා­කා­රීන් පිරි­සක් ද කළු­තර ශික්ෂණ රෝහ­ලට පැමිණ සිටි අයු­රුද දැක­ගත හැකි විය. පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කිරී­මෙන් අන­තු­රුව ඊයේ පස්වරු 3.30ට පමණ මෘත දේහය ඇමැ­ති­ව­ර­යාගේ බිරිය වෙත භාර දීමෙන් පසු කළු­තර මල් ශාලා­වක් වෙත රැගෙන යන ලදී.පසුව එම දේහය ඊයේ රාත්‍රී දහයට පමණ ඔහු ගේ නිවසට ගෙන එනු ලදුව ඒ මොහොතේ සිට මේ දක්වා පාලිත තෙවරපෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස විශාල් වශයෙන් පිරිස් ඇදෙමින් සිටිති.

කාලීන පුවත්