පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

නව වාරය ආරම්භ කිරීමට පෙර සියලු පාසල්වල මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.එම ඒකකය සඳහන් කළේ නිරිත දිග ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන වැසි තත්ත්වය හේතුවෙන් යළිත් මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉහළ යා හැකි බවයි.

ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කර තම අවට පරිශ්‍ර පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙසද ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම්දී තිබේ.මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,174දෙනෙක් හදුනාගෙන තිබෙන බවයි වාර්තාවෙයි.

කාලීන පුවත්