පුංචි ඡන්දයට දුන් නාමයෝජනා අහෝසි කරන්නට පනතක්

පළාත් පාලන මැතිවරණය සඳහා මීට වසරකට පෙරදී නාමයෝජනා බාරදුන් විසිදෙනකුට ආසන්න පිරිසක් මියයාම, තවත් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව යාම සහ මැතිවරණයට නාමයෝජනා භාරදුන් ඇතැම් දේශපාලන පක්ෂවල සාමාජිකයින් වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධවීම යන කාරණා මත මැතිවරණයේ නාමයෝජනා අහෝසි කිරීමට අදාළව පනතක් ඉදිරිපත් කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇත.

ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට අදාළව මේ වනවිට අධිකරණයේ නඩු හතරක් විභාග වේ. පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස හා නොපවත්වන ලෙස ඉල්ලා මෙම නඩු ගොණුකර තිබේ.

පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්යෑම හේතුවෙන් මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කළ රජයේ සේවයේ නියුතු අපේක්ෂකයින් නැවත සේවයේ පිහිටුවා ඇතත්, තමන්ට කිසිදු උත්සවයක්ටවත් සහභාගිවීමට නොහැකි පරිදි නීති පනවා ඇතැයි ඔවුහු කියා සිටිති. මෙම තත්ත්වය මත පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා බාරදුන් අපේක්ෂකයින් දැඩි අසීරුතාවට පත්ව සිටින බව අනාවරණය වේ.

පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් 84,000ක පිරිසක් නාමයෝජනා භාර දී තිබේ.

කාලීන පුවත්