පොහොර ගෙනාවේ අගමැති කාර්යාල ප්‍රබලයෙකුගේ සහාය තියන සමාගමක් වෙන්න පුළුවන්

මෙවර ලංකාවට පොහොර ගෙන්වා ඇති දේශීය නියෝජිත සමාගම අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රබලයකුගේ සහයෝගයක් ඇති ආයතනයක් බව තමන් ද මාධ්‍ය හරහා දුටු බවත් එය ඇතැම්විට එසේ විය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි. ඒ රූපවාහිනී සාකච්චඡාවකදී මාධ්‍ය වේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.පොහොර ගෙන්වීමේදී දේශීය නියෝජිතයා සමඟ තමන් කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නේ නැති බවත් පොහොර විෂය අයිති තමන්ට අයිති නැති බවත් එය සම්පූර්ණයෙන්ම ඇත්තේ ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ මහතා යටතේ බවත් ඇමති වරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්