බංග්ලාදේශ අධ්‍යාපන අමාත්‍ය වරිය පැරණි පාසල් විභාග ක්‍රමය හමස් පෙට්ටියට ඇද දමයි

තුන්වන ලෝකයේ රටවල් රැසක මේ වන විටත් පැවැත්වෙන සාම්ප්‍රදායික විභාග මූලික විෂයමාලා අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට බංග්ලාදේශය කටයුතු කර තිබේ.එහි අධ්‍යාපන අමාත්‍යවරිය වන දීපු මෝනි වත්මන් අධ්‍යයන වර්ෂයේදී මෙම වෙනසට මුලපුරා තිබේ.නොයෙකුත් විවේචන මධ්‍යයේ ඇය හයවන සහ හත්වන ශ්‍රේණිවල විභාග අවලංගු කර ප්‍රායෝගික වැඩ සහිත නව විෂය මාලාව හඳුන්වා දී ඇත. ඇය සඳුදා දින ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවා ඇති බව එරට මාධ්‍ය පවසයි.මුල් අදියරේදී වත්මන් අධ්‍යයන වර්ෂයේ හයවන සහ හත්වන පන්ති සඳහා නව විෂයමාලාව හඳුන්වා දෙන අතර ඉදිරි වසර කිහිපය තුළ සියලුම ද්විතීයික පන්ති සඳහා ද එය හඳුන්වා දෙනු ඇත.මේ වනවිට යුරෝපයේ හා බටහිර රටවල ක්‍රියාත්මක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව විභාග මූලික නොවන ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම්වූ විෂ යමාලාවන් පාසල් තුළ ක්‍රියාත්මක වන මුත් සාම්ප්‍රදායික විභාග අවලංගු කෙරෙන අධ්‍යාපන ක්‍රමය තුළ සිසුන් පීඩාවට පත්වන බව බංග්ලාදේශ මවුපියෝ පවසති. ඔවුන් වැඩි දෙනකු ඉල්ලා සිටිනුයේ මේ ක්‍රමය අතහැර සාම්ප්‍රදායික ක්‍රමයට නැවත පැමිණෙන ලෙසයි.

කාලීන පුවත්