බත් ,කොත්තු ප්ලේන් ටී මිල පහළට

බත් ,කොත්තු ප්ලේන් ටී මිල පහළට බත් පැකට්ටුවක,කොත්තුවක ප්ලේන් ටී ඇතුළු තවත් ආහාරපාන වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කර තිබේ.එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ වන විට යම් පමණකට අඩුවී ඇති බවත්, ලබන සඳුදා ගෑස් මිල අඩුවීමට නියමිතව පවතින බැවින් මෙම තීරණය ගත් බවකි.මේ අතර බේකරි නිෂ්පාදන මිල ද ඉදිරියේ දී පහළ යනු ඇති බව ද පැවසෙයි.පසුගිය කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම මත ජනතාව හෝටල් සහ ආපන ශාලා වෙත ඇදී ඒම සහ බේකරි නිෂ්පාදන මිලට ගැනීම සැලකිය යුතු ලෙසින් පහළ වැටුණු අතර කුඩා පරිමාණයේ බේකරි දෙදහසක් පමණ වැසී ගිය බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.

කාලීන පුවත්