බැංකු ණය පොලිය පහළට

මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයත් සමඟ පොලී අනුපාතික 2%කින් අඩු කිරීම මගින්, වානිජ බැංකුවල ණය පොලී අනුපාතික ප්‍රමාණවත්ව සහ වේගවත්ව අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ මාසයට අදාළව මුදල් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගනු ලැබී තීරණ දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (6) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් අධිපතිවරයා මේ බව සදහන් කරන ලදි.

තමන් විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික 2%කින් අඩු කිරීමේ වාසිය බැංකු හා මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කරන පාරිභෝගික ජනතාවට කඩිනමින් සැලසීමට පියවර ගන්නා ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කරයි.

මෙලෙස කඩිනමින් පාරිභෝගික ගනුදෙනුකරුවන්ට පොලී අනුපාත අඩු කිරීමේ වාසිය ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතන සමීපව සහ දැඩිව අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක නිරත වන බව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

කාලීන පුවත්