බැසිල් රාජපක්ෂ පරම්පරාවේ කීර්තිය වනසන බව ඉන්දියානු දෛවඥයකු කියා තිබෙනවා

බැසිල් රාජපක්ෂ පරම්පරාවේ කීර්තිය වනසන බව ඉන්දියානු දෛවඥයකු කියා තිබෙනවා
තමන් 2001 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ද සමඟ ඉන්දියාවේ දෛවඥයකු ගෙන් මහින්ද රාජපක්ෂ මහතා ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර වූ අවස්ථාවේ ඔහු කේන්දරය බලලා කිව්වා ඔබතුමාගේ පවුලේ රාජපක්ෂ කෙනෙක්ම ඇවිත් පරම්පරාවෙම කීර්තිය වනසනවා කියා කී බවත් ඔහු ඒ කිව්වේ බැසිල් රාජපක්ෂ ගැන මිස ගෝඨාභය රාජපක්ෂ ගැන නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පැවසීය. “පොහොට්ටු රැළියේදී බැසිල් රාජපක්ෂ කිව්වා ගලකින් ගැහුවාම බල්ලා දුවනවලු සිංහයා එයට අභියෝග කරනවලු. ඒ කළේ ජනතාවට තර්ජනයක්. ලංකාවේ ජනතාව ජාති ආගම් භේදයෙන් තොරව කාගේවත් තර්ජන ගර්ජනවලට යටත්වන ජාතියක් නොවෙයි. ඒ නිසා මැතිවරණයක් තිබ්බ දවසට බල්ලා කවුද සිංහයා කවුදැයි බලාගන්න පුළුවන්” යනුවෙන් ද සජින් වාස් ගුණවර්ධන මහතා පැවසීය.

කාලීන පුවත්