බීමතින් සිරගෙට පැන්න ඇමති ඉවත් කරන්නැයි සජිත් ගෙන් ෆේස් බුක් ඉල්ලීමක්

පසුගිය දිනයෙක අධික ලෙස මත්පැන් බී අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වූ ඇමති වරයකු සම්බන්ධ සිද්ධිය මුල් කොට තම ෆේස් බුක් ගිනුමේ සටහනක් තබන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම නීති විරෝධී සහ නින්දිත ක්‍රියාව කළ ඇමති වරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. විපක්ෂ නායක එම ෆේස් බුක් සටහන මෙලෙසිනි. “අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමතිවරයෙකුගේ නින්දිත හා නීති විරෝධී හැසිරීම මම තරයේ හෙළා දකිමි. මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්‍රියාව මගින් අපේ රටේ පවතින අරාජික තත්වය මනා සේ විදහා දක්වනු ලබයි. අපේ මාතෘ භූමියේ ජීවත්වන සියළුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මෙම රජය බැඳී සිටී. මෙම නීති විරෝධී සහ නින්දිත ක්‍රියාව වර්තමානයේ අපේ රටේ මානව හිමිකම් තත්ත්වය සීඝ්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයකි. මෙම අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි.

කාලීන පුවත්