දිනකට විදේශ සංචාරකයන් 1500ක් ගෙන්වීමේ සැලැසුමක්!

දිනකට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් 1500 දක්වා ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.පසුගිය දිනවල සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විදේශයන් කිහිපයකම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයකටම සම්බන්ධ විය.
“ඒ රටවල සංචාරක කර්මාන්තයත් එක්ක සෞඛ්‍ය නීතිරීති ක්‍රියාත්මක වෙන ආකාරය අපි දැක්කා. රටක් විදිහට අපිට කොන් වෙන්න බැහැ. ඒ රටවල සංචාරකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සෞඛ්‍ය නීතිරීති සම්බන්ධයෙන් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟත් අපි සාකච්ඡා කරනවා. ඒ එක්කම දිනකට සංචාරකයින් 1500ක් කියන ඉලක්කය සපුරා ගැනීමට අපි උත්සාහ කරනවා” යනුවෙන් සංචාරක අමාත්‍ය වරයා කීය.

Uncategorized කාලීන පුවත්