මහ කන්නයේ වී කොල්ලය ඇරඹෙයි

මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා රජය සහතික මිලක් නියම කොට වී මිල දී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන්, වී එකතු කරන්නන්ට රුපියල් මිලියන 25ක උපරිම ණය මුදලක් බැංකු මඟින් ලබා දෙන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා තිබියදීත් ගොවි බිම් වෙත පැමිණෙන වෙළෙඳුන් එය නොතකමින් තමන්ට අභිමත මිල ගණන් යටතේ වී මිල දී ගනිමින් සිටින බවට ගොවීහු මැසිවිලි නඟති.තෙතමනය සියයට 14කට වඩා අඩු නාඩු වී කිලෝවක් රුපියල් 105කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 120කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, තෙතමනය සියයට 14කට වඩා වැඩි නාඩු වී කිලෝවක් රුපියල් 95කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 105කටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 120කටත් මිල දී ගන්නැයි රජය සහතික මිලක් ද නියම කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කොට තිබේ.මේ දිනවල වැසි ජලයෙන් වගා කළ කුඹුරුවල අස්වනු නෙළන සමය නිසා එම අස්වනු මිලට ගැනීමට රජය කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා නොමැතිකමින් කුණුකොල්ලයට තම අස්වනු අලෙවි කරන තැනට තමන් පත්ව ඇතැයි ගොවීහු පවසති.

කාලීන පුවත්