මහ බැංකු සේවක වැටුප 70%කින් වැඩි කරනවා නම් සෙසු රාජ්‍ය සේවක වැටුපත් 70%කින් වැඩි කළ යුතුයි

මහ බැංකු සේවකයන්ගේ වැටුප සියයට 70කින් වැඩි කරනවා නම් රටේ සෙසු රාජ්‍ය සේවකයන්ගේ වැටුපත් සියයට 70 කින් වැටුප් වැඩි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය. රටේ මහජනතාව ආර්ථික පීඩිනයෙන් මිරිකී සිටින අවස්ථාවක මහ බැංකු නිලධාරින්ගේ වැටුප් පමණක් මෙලෙස වැඩිකර ගැනීම අසාධාරණ ක්‍රියාවක් බවත් මහ බැංකු අධිපතිවරයාගේ මෙම තීරණය වහාම ඉවත් කරගත යුතු බවත් එසේ නොකළහොත් රටේ ආර්ථික පීඩිනයෙන් මිරිකී සිටින ජනතාව මෙම අසාධාරණ ක්‍රියාවට විරුද්ධව පෙළගස්වන බවත් එස් එම් මරික්කාර් මහතා පැවැසීය.මන්ත්‍රී වරයා මේ බව සඳහන් කළේ අද (22) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

කාලීන පුවත්