මාතලේ හෙක්ටායාර් දෙදාහක ලොකු ළූණු වගා සැලසුමක්

සරුසාර ආදායම් මාර්ගයකට හිමිකම් කිව හැකි ලොකු ළූණු වගාව කෙරෙහි මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් උනන්දු කරවීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කොට තිබේ.මාතලේ දිස්ත්‍රික්කයේ දේශීය ලොකු ළූණු හෙක්ටායාර් දෙදහසක වගා කිරීම මෙවර අපේක්ෂාවයි.ඒ අනුව මෙම ව්‍යාපෘතිය දඹුල්ල ,සීගිරිය, ගලේවෙල හා නාඋල යන ප්‍රදේශවලදී ක්‍රියාත්මක වනු ඇත.ඒ යටතේ කෘෂි නිලධාරීන් ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීම මඟින් ප්‍රදේශයේ පවුල් 2500ක් පමණ ලොකු ළූණු වගාව වෙත යොමු කිරීම අපේක්ෂා කෙරේ.

කාලීන පුවත්