මානව හිමිකම් මහ කොමසාරිස් වරිය ලංකාව ගැන නොසතුටින්

හදිසි නීති රෙගුලාසි පැනවීම ඇතුලු ශ්‍රී ලංකාවට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මිය අප්‍රසාදය පළ කර කොට ඇත.ඒ අද(13) ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදීය.මෙහි දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ බලපෑමක් බව පැවසූ මහ කොමසාරිස් වරිය 2008-2009 කාලසීමාවේදී පැහැරගැනීමට ලක්වූ තරුණයන් 11 දෙනෙකු ට එරෙහි නඩු විභාගය ඉදිරියට ගෙන යෑමෙන් වැළකී සිටීමට නීතිපතිවරයා ගත් තීන්දුව පිළිබඳව ද සිය අප්‍රසාදය පළ කළාය

කාලීන පුවත්