මැතිසබය විවෘත කිරීම හෙට ජනපති අතින්

පාර්ලිමේන්තුව( නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (7) 10.30ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව ඉතා අඩු වියදමින් මෙන්ම සරල සහ චාම් අයුරින් පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

මේ අනුව එම උත්සවයට ආචාර පෙළපාළි, ආචාර වෙඩි මුර, පෙර ගමන් රථ, ආරක්ෂක නිලධාරීන් එක පෙළට සීරුවෙන් සිටීම යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

කාලීන පුවත්