මෙරට ආර්ථිකය අර්බුදයට පෙර මට්ටමට ළඟාවුවද එය අසම්පූර්ණ මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.
ලෝක බැංකුව සඳහන් කළේ සමස්ත ආර්ථිකය යථාවත්වීමේ වේගයට සාපේක්ෂව ගෘහ ආදායම් සහ ශ්‍රම වෙළෙඳපොළ තත්ත්වයන් තවමත් පසුගාමී මට්ටමක පවතින බවයි.
එමෙන්ම මෙම වසරේදී දළ දේශීය නිෂ්පාදිතය (GDP) 4.4%කින් වර්ධනය වන බවට අපේක්ෂා කරන බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
ලෝක බැංකුව සඳහන් කළේ එය ලබන වසර වන විට 4.2%ක් දක්වා අඩු වන බවට පුරෝකථනය කර තිබෙන බවයි.