මෙවර කොළඹ ප්‍රධාන වෙසක් තොරණ හයක් සහ දන්සල් හැටක්

මෙවර කොළඹ ප්‍රධාන වෙසක් තොරණ හයක් සහ දන්සල් හැටක් මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන වෙසක් තොරණ හයකට වැඩි සංඛ්‍යාවක් මෙවර ඉදිකෙරෙන බව කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.ඒ අනුව තොටලඟ, දෙමටගොඩ, පිටකොටුව – බෝධිරාජ මාවත, පෙරහර මාවත, බෞද්ධාලෝක මාවත සහ ජනාධිපති කාර්යාලය අසල ඉදි කෙරෙන තොරණ මේ වන විටත් වැඩ නිම වෙමින් තිබේ.එමෙන්ම, කොළඹ මහ නගර සභා බලප්‍රදේශය ආශ්‍රිතව මේ වනවිට දන්සල් හැටකට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති අතර, දන්සල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙනු ඇත

කාලීන පුවත්