මේ මොහොතේ මට ජනාධිපති අපේක්ෂකත්වයට වඩා වැදගත් ගමේ බලය තහවුරු කර ගන්න එකයි

මේ මොහොතේ තමන් කැප වී සිටිනුයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කිරීමට බැවින් මෙවර ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ තමන් තුළ විශේෂ උනන්දුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කීය.මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හා රාජ්‍ය පසු පෙල මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවක දී ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කොට ඇති බවට මාධ්‍ය කිහිපයක පළ වූ වාර්තා සම්බන්ධයෙන් නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.”ඉස්සර වෙලාම ගම තුළ අපිට තියන පිළිගැනීම ඉහළම මට්ටමකට ගන්න ඕනෙ.එහෙම නැතුව මේ වෙලාවේ ජනාධිපති අපේක්ෂකත්වය පස්සෙ ලුහු බඳින එක තේරුමක් නැති වැඩක්”යැයි ද මන්ත්‍රී වරයා කීය.

කාලීන පුවත්