රජයේ මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් වෙන වෙනම ගෙවයි

රටේ වර්තමාන මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් අවස්ථා දෙකකදී වෙන් වශයෙන් ගෙවීමට මහ භාණ්ඩාගාරය තීරණය කර ඇත.මේ අනුව මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ප්‍රේෂණ පත් වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන් අක් මුදල් නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙස භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන මූල්‍ය නිලධාරී, ගණකාධිකාරි, අධ්‍යක්ෂ (මූල්‍ය) නිලධාරීන්ට ලිපියකින් දැනුම්දී ඇත.භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.සී.ඩී.එල් සිල්වා සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ සෙනෙවිරත්න යන මහත්වරුන් ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කරනු ලැබ ඇත්තේ පසුගිය 13 වැනිදාය.

Uncategorized